ළමයි Fit එක හැදිලා වැටිලා ඉදලා තියෙන්නේ අර ඔයාලගේ Leak වෙච්ච Video එක දැකලා බයවෙලා


ළමයි Fit එක හැදිලා වැටිලා ඉදලා තියෙන්නේ අර ඔයාලගේ Leak වෙච්ච Video එක දැකලා බයවෙලා -
ඉරාජ් යළි ඉර නාළිකාවට එරෙහි වෙයි


තරුණයන් 300 දෙනෙකු පමණ එක්වී අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවැත්වූ බව කියන ප්‍රසංගයක් සම්බන්ධයෙන් පුවතක් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා.


එම ප්‍රසංගය සංවිධානය කර තිබු පුද්ගලයින් අප වෙත පැවසුවේ මුළුමනින්ම සිද්ධිය වෙනස් කොට පළ කර ඇති බවයි.

මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ අදාළ නාලිකාව මල් ගීත පමණක් එනම් අරුත් සුන් ගීත පමණක් ප්‍රචාරය කිරීම හේතුවෙන් රැප් සංගීතය සමග විශාල තරහක් ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රසංගයක මත්ද්‍රවය භාවිතය පැමිණෙන පිරිස් අනුව වෙනස් විය හැකි බවත් තමන් ප්‍රසංගය පමණක් සංවිධානය කල බවයි.

එහෙත් අදාළ නාලිකාව විසින් පුන පුනා පවසා ඇත්තේ අදාළ ප්‍රසංගය මත්ද්‍රවය ප්‍රසංගයක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් ඉරාජ් වීරරත්න නැවතවරක් එම නාලිකාවට එරෙහිව සටහනක් එක් කර තිබෙනවා.

එහි සදහන්ව ඇත්තේ " ළමයි Fit එක හැදිලා වැටිලා ඉදලා තියෙන්නේ අර ඔයාලගේ Leak වෙච්ච Video එක දැකලා බයවෙලා... කවුද දන්නේ නෑ ඔය කුඩු බෙදන නාලිකාව ළමයින්ට සහ රටටම ? " යනුවෙන්.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔවුන්ගේ නාලිකාවේ ප්‍රසංග වල ද මෙවැනි සිද්ධි වෙන බවත් මෙය ඔවුන් සමග තිබෙන අමනාපයක් හේතුවෙන් කර ඇති බවයි.

අදාල  පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්....


www.reader.lk