ඉන්දීය තරග පරාජය පසුපස සිටි පිටස්තරයා ගැන චෝදනාව රහස් පොලිසියට යන ලකුණු !


ඉන්දීය තරග පරාජය පසුපස සිටි පිටස්තරයා ගැන චෝදනාව රහස් පොලිසියට යන ලකුණු !

හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරන ලද චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා.

පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් 40 දෙනෙකු ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය, ඉන්දීය තරගාවලියේදී අස්වාභාවික ලෙස තරග පරාජය වූ බව මෙන්ම ඇතැම් තීරණ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට ප්‍රමෝද්‍ය චෝදනා කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස ක්‍රීඩකයන් කළ ඉල්ලීමට අනුව ඉදිරියේදී ක්‍රිකට් විධායක කමිටුව රැස්ව මෙම පරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමත බවයි වාර්තා වන්නේ.

www.reader.lk