මැතිව්ස් රට වෙනුවෙන් ක්‍රිකට් ගහමු



මැතිව්ස් රට වෙනුවෙන් ක්‍රිකට් ගහමු
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ දී ලකුණු අතරට පැමිණ ස්ථාවර ඉනිමක් ගොඩනැගුවද ඔහුගේ දැවී යාම් පිළිබද සැක සහිත බව කි‍්‍රඩා ලෝලීන් පවසනවා.

මැතිව්ස් ඊයේ (03) තරගයේදීද පන්දු 98කදී ලකුණු 55ක් රැස් කළේ සිය සුපුරුදු රිද්මයෙන් බැහැරවයි.

මැතිව්ස් මේ කී‍්‍රඩා කරන්නේ සිය සුපුරුදු රි්ද්මයද යන්න කී‍්‍රඩා ලෝලීන් ප‍්‍රශ්න කරනවා.

ඔහු මෙම එක්දින තරගාවලියේදී 36, 20, 11, 70, 55 රැස් කරමින් සිය ස්ථානය රැක ගැනීමට මිස කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ ආකාරයක් මෙම ඉනිම් දුටු විට පැහැදිලිවම පෙනෙන බව කාටත් හැඟේ.

මැතිව්ස් කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් පළිගැනීමට මෙවැනි කි‍්‍රඩා විලාශයක නිරත වන බවටයි ඇතැමුන් පවසන්නේ.

කෙසේ වෙතත් කී‍්‍රඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් සිය පෞද්ගලික කරුණු අරඹයා මෙවැනි දේ කිරීම කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහාණියටද හේතු වූවාට කිසිදු සැකයන් නැත.

තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුලත්ව සිටින මැතිව්ස් කණ්ඩායමට මේ ලබා දෙන්නේ සිය උපරිම දායකත්වයද ? එසේ නම් ඇයි ඔහු පස්වන එක්දින තරගයේදී පන්දු යවන්නෙකු ලෙස කටයුතු නොකළේ ? මේ කී‍්‍රඩා ලෝලීන් සැමට ඇති තවත් ප‍්‍රශ්නයකි.

කණ්ඩායම තුළ කල්ලි ගැසීම නවතා රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීම සියලූ කී‍්‍රඩකයින්ගේ වගකීමක්. ලක්ෂ ගණන් වැටුප් ලබන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් අහිංසක කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නේ කවදාද ?

කුඩා ඉනිම් කී‍්‍රඩා කරමින් කණ්ඩායමේ සිය ස්ථානය රැක ගැනීමට උත්සහ නොකර රට වෙනුවෙන් සියයට සියයක් සිය දායකත්වය ලබා දීම සියලූ කී‍්‍රඩකයින්ගේ වගකීමක් වනවා

www.reader.lk