ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ?


ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ගැන තීරණයක් ගන්නා බව ලසිත් මාලිංග පවසා තිබෙනවා. ඒ ඉදිරි මාස තුන හතර තුළදී තමා පිළිබඳව තක්සේරුවක් කර එම තීරණය ගන්නා බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාව හා පැවැති සිවුවැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කළා.

“ මේ තරගාවලියෙන් පසුව මම කොහේද ඉන්නේ කියා තක්සේරුවක් කරනවා. ඒ වගේම තව කොපමණ කාලයක් මට මගේ ශරීර ක්‍රීඩා කරන්න දෙයිදැයි මම තක්සේරු කරනවා.

මට කොතරම් පළපුරුද්දක් තිබෙනවාදැයි යන්න වැදගත් නෑ. මට කණ්ඩායම වෙනුවෙන් තරග දිනවන්න හෝ කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න බැරිනම් මම මෙහේ ඉදීම පළක් නෑ.

මම බලනවා මට ඉදිරි මාස තුන හතර තුළ නැවතත් දක්ෂතා අතරට එන්න පුළුවන්ද කියා. නමුත් බැරිනම් මම සතුටින් සමුගන්නවා. ”

www.reader.lk