ඉරාජ් කළ දේ හරිද ?


ඉරාජ් කළ දේ හරිද ?
"කැමති නැත්තම් බලන්න එපා ඉරාජ් කියයි "
සමාජ ජාල වෙබ් අඩවි හරහා ඉරාජ්ට දැඩි විරෝධය


ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් කළ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන "දැනුනා" ගීතය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ ප්‍රවීණ සංගීතවේදියෙකු වන වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව ඇසුරින් මෙය නිර්මාණය කර ඇති බවටයි.

සමාජ ජාල භාවිතා කරන්නන් චෝදනා කරන්නේ ඉරාජ් මෙවැනි ප්‍රවිනයකුගේ ජිවිත කතාවක් ඇතුලත් කර ලිංගික දර්ශන සහිතව මෙය නිර්මාණය කිරීම ඉතා කනගාටු දායක තත්වයක් බවයයි.

එමෙන්ම මෙම ගීතය මේ වන විට යුටියුබ් ඔස්සේ මිලියනයකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර ගීතය සදහා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් දක්වන්නේ දැඩි විරෝධයක්.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා දැක්‌ වූ අදහස් කිහිපයක් පහතින්.






ඉරාජ් මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස්


www.reader.lk