ICC ය සනත්ගෙන් ප්‍රශ්න කරයි


ICC ය සනත්ගෙන් ප්‍රශ්න කරයි – තරග පාවාදීමේ මහ මොළකරු වූ අර්ජුන නිදැල්ලේ ?


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට අයත් නිලධාරීන් හිටපු තේරුම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාංගණ භාරකරුවකු හා තනතිලි සකසන්නෙකු වන ගොඩ්ෆ්‍රී දාබරේරා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ CCC ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සිදුව ඇතැයි කියන ක්‍රිකට් දූෂණ හා අක්‍රමිකතා රැසක් පිළිබඳව අධීක්ෂණය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට අයත් නිලධාරීන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවෙ සංචාරය කරනවා.

කෙසේ වෙතත් හිටපු නායක අර්ජුන රණතුංගද 1994 වසරේදී ඉන්දීය කණ්ඩායම සමග ලක්නව් හිදි පැවති ටෙස්ට් තරගය මුදලට පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය Criminal Investigations Bureau නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙන බව අප මීට පෙර අනාවරණය කළා.

එම තරග පාවාදීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුනිවත රකින්නේ කාගේ උවමනාකටදැයි ක්‍රීඩාවට ලැදි සැමට ප්‍රශ්නාර්ථයක්.

ක්‍රිකට් පසුබෑමට ලක්ව ඇති බව සැමදෙනා පිළිගන්නා කතාවක්. එහෙත් අර්ජුන රණතුංග ක්‍රිකට් පරිපාලන සියතට ගැනීමට පෙරට වඩා උනන්දු වන්නේ එහි ගැවසෙන අතිවිශාල මුදල් කන්දරාව ඩැහැ ගැනීමේ අරමුණින්.

සනත් ජයසූරියගෙන් තරග පාවාදීමක් පිළිබද ප්‍රකාශ සටහන් කර ගන්නේ නම් අර්ජුන රණතුංගගෙන් 1994 දී සිදු වූ මහා තරග පාවාදීම පිළිබද අයි සී සී සොයා නොබලන්නේ ඇයි ?


වත්මන් ක්‍රිකට් පරිපාලනය අපහසුතාවට පත් කිරීමේ කොන්ත්‍රාත්වක් අර්ජුන රණතුංග විසින් මේ වන භාරගෙන තිබීම ඊට හේතුවයි.

අර්ජුන රණතුංග හිටපු නායකයා මේ සිදු කරන්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමක් නොවන්නේද ?

හිටපු නායක අර්ජුණ රණතුංගට එල්ල වී ඇති තරග පාවාදීමේ චෝදනාව පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.


ඒ සඳහා වන ලිපියකට විධායක කමිටුවේ සියලූ සාමාජිකයින් අත්සන් තබා ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙකුගේ නම් ද එම වාර්තාවේ සඳහන් වනවා.

අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාගේ නම් ඇතුළත් මෙම වාර්තාව මගින් ගනුදෙනුව සිදු ආකාරය පිළිබඳවද සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට තරග පාවාදීමේ කලාව හදුන්වාදුන් අර්ජුන රණතුංග පිළිබදවද සැබවින්ම පරීක්ෂණ සිදු කළ යුතුයි.

මුකේෂ් කුමාර් ගුප්තා නම් බුකීකරුවෙකු මෙම ගනුදෙනුවට මැදිහත් වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

www.reader.lk