පරාජයන් හමුවේ ඉහළ දක්ෂතා කි‍්‍රකට් කළමනාකරු පැන ගිහින්ද ?


පරාජයන් හමුවේ ඉහළ දක්ෂතා කි‍්‍රකට් කළමනාකරු පැන ගිහින්ද ?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ දක්ෂතා කි‍්‍රකට් කළමනාකරු ලෙස කටයුතු කරන එංගලන්ත ජාතික සයිමන් විල්ස් රට හැර ගොස් ඇතැයි වාර්තා වනවා.


සිය දියණියගේ උපන් දිනය වෙනුවෙන් සති 3ක් සදහා ඔහු එංගලන්තයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු තවමත් ශී‍්‍ර ලංකාවට පැමිණ නැහැ.

ඉන්දීය කණ්ඩායම හමුවේ මෙවැනි දරුණු පරාජයන් ලබන අවස්ථාවක කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන තනතුරක් දරණ සයිමන් විලිස් රටින් පිටව යාම කාගේත් කතාබහට ලක් වනවා.

මසකට රුපියල් ලක්ෂ 16ක පමණ වැටුපක් ලබන ඔහුට මෙම මාසයේ සිය වැටුප හිමිවන්නේ කිසිදු සේවයක් ලබා දීමෙන් තොරවයි. කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානීන්ද මේ සඳහා අවසර ලබාදුන්නේ කුමන හේතුවක් මතද යන්න කි‍්‍රකට් විචාරකයින් ප‍්‍රශ්න කරනවා. සයිමන් විල්ස් ඉහළ දක්ෂතා කි‍්‍රකට් කළමනාකරු ධුරයට පත් කෙරුණේ, වයස අවුරුදු 19න් පහළ, 23න් පහල, එ් කණ්ඩායම , ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණින්.

සැබවින්ම ඔහුගේ සේවය සියයට 100ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් ලබා දී තිබෙනවාද ?

එසේ නම් මෙවැනි ආබාධිත කී‍්‍රඩකයින් රැසක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතු වූයේ කෙසේද යන්න සැම දෙනාටම ප‍්‍රශ්නාර්ථයක් වී තිබෙනවා. සයිමන් විල්ස් මෙවැනි වැදගත් තරගාවලියක් අතරතුර එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ හෂාන් තිලකරත්නට සිය වගකීම භාර කරමින්.

සයිමන් විල්ස් වැනි ඉහළ දක්ෂතා වර්ධනය කිරීමට නිලධාරියෙකු සිටියද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ පන්දු රැකීම මෙතරම් දුර්වල මට්ටමක පවතින්නේ කෙසේද යන්න කාටත් ප‍්‍රශ්නයක්.

www.reader.lk