96 කණ්ඩායම රහස් සාකච්ඡාවක


96 කණ්ඩායම රහස් සාකච්ඡාවක

96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින් කොළඹ හෝටලයකදී සාදයක් පවත්වා ඇතැයි වාර්තා වනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වර්තමාන කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ විසින් මෙම සාදය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.


කෙසේ වෙතත් මෙම සාදය ස`දහා 96 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ. මතුව ඇති ක‍්‍රිකට් අර්බුධය පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡුා කර ඇති බවද වාර්තා වනවා.

96 කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විවිධ තනතුරු හොබවන අතර ඔවුන් මෙලෙස වෙනම හමු වී සාදයක් පැවැත්වීම මතභේදයට තුඩුදී ඇති බවයි වාර්තා වන්නේ. අසංක ගුරුසිංහ මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලන කටයුතුවලට අත ගසමින් සිටින බවටද ඉකුත්දා වාර්තා පළ වුණා. මේ හේතුවෙන් එහි උසස් නිලධාරීන් සිය අප‍්‍රසාදය පළ කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා පලවුණේ.

දැනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට සම්බන්ධව සේවය ලබා දෙන 96 කණ්ඩායමේ සාමාජිකින් රැසක් මේ වන විට සිය දායකත්වය රට වෙනුවෙන් ලබාදෙනවාද යන්න ප‍්‍රශ්නාර්ථයක් බවයි කි‍්‍රකට් ප‍්‍රධානියෙකු පැවසුවේ. මෙවැනි පරිපූර්ණ අත්දැකිම් සහිත බලඇණියක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතු වුවත් ඔවුන් සිය රාජකාරිය සියයට සියයක් ඉටුකරනාවද යන්න කි‍්‍රකට් ප‍්‍රධානීන්ට ප‍්‍රශ්නාර්ථයක්. ඉන්දීය කණ්ඩායම හමුවේ ලද දරුණු පසුබෑමද ඊට හේතුවී ඇති බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

අර්ජුන රණතුංග යළි කි‍්‍රකට් පරිපාලනයට ගෙන ඒම ස`දහා 96 කණ්ඩායම යළි බලකොටු බදිමින් සිටින බවයි කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ. සුවිශාල වැටුප් ලබමින් ඔවුන් වත්මන් කි‍්‍රකට් පරිපාලනයට එරෙහිව කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවයි කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධානීන් පෙන්වා දෙන්නේ.

www.reader.lk