ලොව කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් අවසන් වරට කිව්ව කතාව

ලොව කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් අවසන් වරට කිව්ව කතාව

ලොව කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි තුල දැක්වෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ තරගය නැරඹීමට පැමිණ තමන්ට විශාල සහයෝගයක් ලබා දුන් බවයි.

එමෙන්ම ඔහු බලාපොරොත්තු නොවූ ආකාරයට දෙයක්ද සිදු වූ බව ඔහු එම අවස්ථාවේ සදහන් අකර තිබෙනවා.

ඔහු මේ අදහස් පළ කර තිබුණේ 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100ය පිරිමි ධාවන ඉසව්ව අවසන් කිරීමෙන් පසුව මාධ්‍ය වෙතයි.

කෙසේ වෙතත් එම තරගයේ ඔහුට තුන්වෙනි ස්ථානය හිමි වුණා.

" මේ පිරිස මාව ගොඩක් දිරිමත් කළා. මම ඒකට ස්තූති වන්ත වෙනවා. මං මට ම ලොකු පීඩනයක් දාගත්තා. නමුත් මං බලාපොරොත්තු නොවූ ආකාරයේ දෙයක් සිදු වුණේ. මගේ කකුල් දෙක රිදෙනවා. මං ජීවිතේ දිව්වයින් පස්සේ කකුල් රිදිච්ච මුල්ම අවස්ථාව මේ. ඉතින් මට යන්න කාලේ හරි කියලා.. "


www.reader.lk