මාධ්‍ය ආයතනයක් සනත්ගෙන් පළිගනී


මාධ්‍ය ආයතනයක් සනත්ගෙන් පළිගනී

සනත් ජයසූරිය කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමග කී‍්‍රඩාවට ලැදි බොහෝ පිරිස් ඔහු පිළිබ`ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

ඇතැම් මාධ්‍ය සනත් ජයසූරියගේ ඉල්ලා අස්වීම වාර්තා කර තිබුණේ ''කි‍්‍රකට් කාපු සනත් එලියට ''යන්න ශීර්ෂ පාඨය යොදා ගනිමින්.

මෙය බොහෝ කී‍්‍රඩා ලොලීන්ගේ අප‍්‍රසාදයද ලක්වී තිබෙනවා. වසර ගණනාවක් ශී‍්‍ර ලංකා කිි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයට අනගි මෙහෙයක් කළ මෙවන් විශිෂ්ඨයෙකුට මෙවන් ආකාරයෙන් සැලකීම කී‍්‍රඩාලෝලීන්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.

1996 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත‍්‍රා වූ ලොවක් හදුනන මෙවන් ප‍්‍රහාරත්මක පිතිකරුවෙකු කි‍්‍රකට් කෑවේ කෙසේ ද යන්න සෑම කී‍්‍රඩාලෝලියෙකුටම ප‍්‍රශ්නාර්ථයක්.

ලෝක වාර්තා රැසකට හිමිකම් කියන සනත් ජයසූරියට මේ ආකාරයෙන් පෞද්ගලික කෝන්තර මුල් කර ගනිමින් දරුණු ලෙස මාධ්‍ය ඔස්සේ පහරදීම බොහෝ කී‍්‍රඩා ලෝලීන්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.

2014 වසරේදී ශී‍්‍ර ලංකාව පන්දුවාර විස්ස ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ සනත් ජයසූරියයි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට 3 ට බින්දුවක් ලෙස දරුණු පරාජයක් උරුම කළේද සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සිටින සමයේයි. එවන් පසුබිමක සනත් ජයසූරිය කි‍්‍රකට් කෑවේ කෙසේද ? යන්න බොහෝ කී‍්‍රඩා ලෝලීන් ප‍්‍රශ්නාර්ථයක්.

කණ්ඩායමේ සිටින බොහෝ යොවුන් කී‍්‍රඩකයින් සනත් ජයසූරිය ප‍්‍රමුඛ තේරීම් කමිටුව විසින් සොයා ගන්නා ලද අනාගත අයෝජන වේ. කලක් ජය කොඩි නැංවූ මෙවන් ජාතික සම්පතකට මෙලෙස මාධ්‍ය ඔස්සේ දිගට හරහට පහරදීම සාධාරණද ? යන්න ක්‍රීඩා ලෝලී සැමගේ අදහසයි.

www.reader.lk