මදුසමයට ගොස් ආ අකිල කඩුලු 6ක් ගනී


මදුසමයට ගොස් ආ අකිල කඩුලු 6ක් ගනී


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදි අකිල ධනංජය කඩුළු 6 ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම මෙන්ම කඩුළු 6 ක් දවා ගත් පළමු අවස්ථාවද මෙය වනවා.

අකිල ධනංජය ඉකුත් 23 වනදා යුගදිවියට පිවිසුණු අතර ඔහු අතගත්තේ නෙතාලි ටෙක්ෂිලා සමඟින් වන අතර දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් විසිනුයි.

ඔහු මදුසමය ගත කර තරගයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. තරගය මේවන විටත් පැවැත්වෙනවා.





www.reader.lk