මහින්ද මහත්තයත් අනේ පැන්ෂන් ගිය ප්‍රින්සිපල් වගේ තමයි - විජිත් විජයමුණි


මහින්ද මහත්තයත් අනේ පැන්ෂන් ගිය ප්‍රින්සිපල් වගේ තමයි - විජිත් විජයමුණි

" මම කිව්වා අපේ පවුලට ලෑස්තිවෙනවා ඔයි ජනාධිපතිතුමා හම්බවෙන්න යන්න "


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අදහස් පළ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ මේවන විට රටේ සම්පත් විකුණමින් මැති ඇමතිවරු සටන් වදින බවයි.


ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ විදුහල්පතිවරු පාසලෙන් අස්වී යන විට එලෙසම පවසන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශය
" මැති ඇමතිවරු කොටා ගන්නවා... එක එකාට බැන ගන්නවා... එක එකාට විශ්වාස භංග යෝජනා ගේනවා... අරූ හොරා කියනවා.. මු හොරා කියනවා... රටේ සම්පත් ටික විකුනනවා...  "



අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා
" මහින්ද මහත්තයත් මේක තමයි කරන්න හිට්යේ... සමහර විදුහල්පතිවරු ඉන්නවා පාසලෙන් අස් වෙලා යනකොට කියනවා " මම කියපු විදිහට මේ පාසල මූට කරන්න බැහැ " එහම තමයි කියන්නේ... උඹලා බලපල්ලකො කරන හැටි... මහින්ද මහත්තයත් අනේ පැන්ෂන් ගිය ප්‍රින්සිපල් වගේ තමයි.. "


අදාල වීඩියෝ පටය පහතින් බලන්න.




www.reader.lk