අපේ මිනිස්සු සංස්කෘතිය බලන්නෙ SEX වලින්


ක්ලියෝපැට්‍රා ගීතයේ නිරුවත් වුණ එක ගැන පියුමි සිරිනායක කතා කරයි

" අපේ මිනිස්සු සංස්කෘතිය බලන්නෙ SEX වලින් "

පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහකට ලක් වූ ක්ලියෝපැට්‍රා ගීතය මේවන විට විශාල පිරිසක් නරඹා තිබෙනවා.



ඉරාජ්ගේ මෙම ගීතය සදහා මෙවර සිමා පනවා තිබු අතර ඒ එහි ඇති ලිංගික දර්ශන සහ දිවිනසා ගැනීමේ දර්ශණ කිහිපයක් හේතුවෙන්.

කෙසේ වෙතත් එම ලිංගික දර්ශණ රඟපෑම සම්බන්ධයන් සමාජ ජාල වෙබ් අඩවි තුල කතාබහක් ඇති වුණා.

එම චරිතයට පනපෙවු නිරූපණ ශිල්පිණි පියුමි සිරිනායක පවසන්නේ මෙම වීඩියෝව සමාජයට ගැලපෙන වීඩියෝවක් බවයි.


" අපේ මිනිස්සු සංස්කෘතිය බලන්නෙ සෙක්ස්වලින්. එහෙමත් නැත්නම් අඩනිරුවත්කමින්. ඒ දෙක නැතිවුණා කියලා මම හිතන්නේ නෑ ලංකාවට ලොකු දෙයක් සිදුවෙනවා කියලා. අපි ඇඟ වහ‍ෙගන ඉන්න ඉන්න ඒ දේ ටිකක් ඇරිය ගමන් මිනිසුන්ගේ ආසාව ඔක්කොම එළියට එනවා. දියුණු රටකට ගිහින් බලපුවාම, මම බාගෙට ඇඳගෙන ගියත් ඒ මිනිස්සු බලන්නෙ නැහැ.

මොකද ඒ මිනිස්සුන්ට හැමදාම ඒක දැකලා දැකලා ඇතිවෙලා. ඒක නිසා වැරදි කරනවා අඩුයි. අපේ ලංකාවේ ඇඟ වහගෙන ඉඳලා ඉඳලා ඩෙනිම් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි බ්ලවුස් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි මිනිස්සුන්ට ඉන්න බෑ.


ඉතින් හිතෙන්නෙ අනේ මට මෙයාව අල්ලන්න තිබුණානම් කියලා. මියුසික් වීඩියෝ එකකින් නැතුව තව ඕනෑතරම් ක්‍රම තියෙනවා සංස්කෘතිය මනින්න. ඒ වගේම හදාගන්න ඒ දේවල් ගැන හිතුවොත් හොඳයි. "
























www.reader.lk