මගේ යාලුවෙකුගේ ගෙදර බල්ලෙකුට දාලා තියෙන්නේ ඇමතිවරයෙකුගේ නමක් - වසන්ත දුක්ගන්නාරාල
#IPlantChallengeSL අභියෝගය පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ක්‍රියාත්මක වුණා.
ඒ සදහා එක් වූ ඉරාජ් වීරරත්න අභියෝගය කර තිබුණේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාටයි.
ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් රට තුලද ඇති වුණා. කෙසේ වෙතත් ඉරාජ් අභියෝගයේදී සිටවපු පැලයක අමාත්‍ය වරයාගේ නම යොදා ඇති බව ප්‍රථම වරට හෙළි කළා.
ඒ රස fm නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින්. එමෙන්ම ප්‍රවීණ ගීපද රචක වසන්ත දුක්ගන්නාරාල පවසා සිටියේ තම මිතුරෙකුගේ නිවසක බල්ලෙකුගේ නමට ඇමතිවරයෙකුගේ නමක් යොදාගෙන ඇති බවයි.
මේ අතර වැඩි දුරටත් අදහස් දක්වමින් ඉරාජ් පවසා සිටියේ ඉදිරියේදී රස fm නාලිකාව තුලින් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8 ට the Iraj Show තුලින් තමන් එක් වන බවයි.
අදාල වීඩියෝ පටය පහතින් බලන්න.