ඉරාජ් ක්ලියෝපැට්‍රා තුලින් හංගලා දුන්න ආදර්ශය මෙන්න

ඉරාජ් ක්ලියෝපැට්‍රා තුලින් හංගලා දුන්න ආදර්ශය මෙන්න
" සියලු දේ අනිත්‍යයි බුද්ධ ධර්මයට අනුව ජිවත් වෙන්න"



විකෘති ලිංගික ආසාවන් පෙළන පුද්ගලයෙකු නිසා අකාලයේ බිලිගත් තරුණියගේ කෙටි චිත්‍රපටයක් ඊයේ අන්තර්ජාලයට එක් කළා.


මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් සමාජ ජාල භාවිතා කරන්නන් විවිධ අදහස් මත පල කර තිබුණා.

මෙය නිෂ්පාදනය කර තිබුණේ ඉරාජ් වීරරත්න විසින් වන අතර පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහකට ලක් වූ සිදුවීම් ද මෙහි ඇතුලත් කර තිබෙනවා.

මෙම වීඩියෝව මේ වන විට විශාල පිරිසක් නරඹා ඇති අතර මෙය නැරඹීමට හැකි වන්නේ 18 + පුද්ගලයින්ට බව youtube ආයතනය විසින් තහහුරු කර තිබෙනවා.

මේ අතර මෙම වීඩියෝවට තවත් විශේෂ සිදුවීමක් ඉරාජ් එකතු කර තිබෙනවා. මෙහි ඇති ගීතය අවසානයේ ඉරාජ් සමාජයට පණිවිඩයක් දී තිබෙනවා.

එය අවසානයේ වචන ආපසු හරවා මෙයට එක් කර ඇති අතර ඔහු එහිදී පවසන්නේ " සියලු දේ අනිත්‍යයි බුද්ධ ධර්මයට අනුව ජිවත් වෙන්න" යනුවෙන්.

එය එක් කර ඈති ආකාරය පහතින් අහන්න







සම්පුර්ණ ගීතය පහතින් බලන්න


www.reader.lk