සංවේදී වූ ඉරාජ් හැමෝටම දැනෙන්න කියූ කතාව

සංවේදී වූ ඉරාජ් හැමෝටම දැනෙන්න කියූ කතාව

රටට ඇති වූ අපදා තත්වය හේතුවෙන් ජිවත රැසක් බිලිගෙන විශාල පිරිසක් අවතැන් වුණා.

අවතැන් වුවන් වෙන්වෙන් ශ්‍රී ලංකාවේ සිළුම පිරිස් තමාට හැකි පමණින් උදව් උපකාර සිදු කළා.


එහිදී දේශපාලන පක්ෂ සහ කලාකරුවෝ සහ මාධ්‍ය ආයතන මුල්ව විශාල මෙහෙවරක් සිදු කර අතර ඒ අතරින් ඉරාජ් වීරරත්න ද කිසිවෙකුත් නොගිය පළාතකට ගොස් අවතැන් වුවන් වෙනුවෙන් උපකාර කර තිබුණා.

එහිදී ඔහු ජලයේ බැස සිටින ඡායාරුප පෙළක් සමාජ ජාල වෙබ් අඩවි තුලින් හුවමාරු වුණා.

ඒ සම්බන්ධයෙන් සටහනක් දක්වමින් ඉරාජ් සංවේදී සටහනක් තම ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබෙනවා.

ඔහු තැබු සටහන පහතින් බලන්න .


" ඔව් ඔව් ඒ ඉරාජ් තමයි Toilet වලවල් වල උතුරන ජරාව අස්සේ කිබුල්ලුත් ඉන්න වතුරට බැහැලා අපේ කොල්ලන්ට විහිලුවක් කරලා හිනා වෙලා Selfie ටිකක් ගහලා ඔලුව පොඩ්ඩක් හදලා සුවදුක් අහලා කන්න බොන්න දීලා ආවේ.

මට පුලුවන් පොඩි විදිහට තමයි කරේ අපේ රටේ පාලකයෝත් ලංකාවේ නැතිකොට.

මේ වෙලාවේදී Phone එකෙන් දුරකථන ඇමතුම් ගත්තේ එතන අසනීප වෙලා හිටපු මහලු ආච්චි කෙනෙක් සහ ළමයින් ගොඩක් හිටියා

එතනට බෝට්ටුවෙන් පමනයි යන්න පුලුවන් නිසා බෝට්ටු අයිති අයට සහ එතනට අවශ්‍ය දේවල් ගෙන්වා ගැනීමට දුරකථනය පාවිච්චි කරා. ඊටපසු අපේම තරැණ මන්ත්‍රී කෙනෙක් ඒ අවස්තාවේදී එතනට ඒ අයට උදව් කරන්න අවශ්‍ය දේවල් බොහොමයක් ගෙන්වා ගත්තා.

Facebook එකේ Data නාස්ති කරගෙන මඩ ගහන එක නවත්තලා ඇත්තටම වැඩක් කරන්න.⁣

ලෝකෙම Pray for Paris කිව්වා වගේ අපේ දිහා කවුරැත් බලන්නේ නෑ අපිට හැමදාම අපි විතරයි... "



www.reader.lk