අන්තර්ජාලය කැළඹු ඡායාරූප පෙලේ හිමිකාරයා පළමු වතාවට කතා කරයි

අන්තර්ජාලය කැළඹු ඡායාරූප පෙලේ හිමිකාරයා පළමු වතාවට කතා කරයි

" මේ ෂුට් එක හොරෙන්වත් බලෙන්වත් කරපු එකක් නෙවෙයි කැමැත්තෙන් කරපු එකක් "

අන්තර්ජාලය කැළඹමින් ඡායාරූප පෙළක් ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වුනා.


ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ මත පළකර තිබුණු අතර එම ඡායාරුප පෙළෙහි හිමිකරු වන හෂාන් පන්නිලගේ අපසමග කළ කතාබහකදී කියා සිටියේ මෙම ඡායාරුප පෙළ අදාල තරුණිය අකමැත්තෙන් නොව කැමැත්තෙන්ම සිදු කල බවයි.


" ඇත්තටම මම හිතුවේ නැහැ දැන් කාලේ තියන photoshoot එක්ක බැලුවාම මේ shoot එක මෙච්චරම දුර යයි කියලා... අනික මේක හිට් වුණාද නැත්නම් මඩ ප්‍රහාරයක්ද කියලා හිතා ගන්නත් බැහැ.

අනික මේක අපි plan කරලා කරපු දෙයක් නෙවෙයි... අපි එවෙලේ හිතුව එවෙලේ ෂුට් එක කළා.. මේක ලංකාවම කතාබහක් ඇති කළා... එත් මේක දිහා වැරදියට බැලුවොත් තමයි වැරදි... ලංකාවේ මේවගේ කරපු පළමු ඡායාරූප පෙළ මෙය නෙවෙයි... මට කොච්චර ගැහුවත් මම මගේ ගමන යනවා මගේ පාඩුවේ..."


















www.reader.lk