JVP එකේ කොන්ද ගැන හෙළිදරව් කරනවා කියූ සිරස කණගාටුව පළකරයි ?

JVP එකේ කොන්ද ගැන හෙළිදරව් කරනවා කියූ සිරස කණගාටුව පළකරයි ?

ඉකුත් දින පැවති සිරස සටන වැඩසටහනේදී උණුසුම් තත්වයක් ගත්තා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රී තුමා කළ ප්‍රක්ෂයක් හේතුවෙන්.


එහිදී වැඩසටහනේ සිටි සිරස ටීවී මාධ්‍ය වේදීන් සහ ඔහු අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වුණා.

එම උණුසුම් තත්වයත් සමග සිරස ටීවී නාලිකාවේ නිවේදන කටයුතු සිදු කල රොෂාන් වටවල මහතා පවසා සිටියේ ජේවීපියේ කොන්ද සහ අනුර කුමාර මහතාගේ කොන්ද සම්බන්ධයෙන් හෙළිදරව් කරන බවයි.

වැඩි දුටරත් ඔහු කියා සිටියේ ප්‍රවර්ධන වැඩසටහන් සදහා බිමල් රත්නායක මන්ත්‍රී තුමා උපකාර ඉල්ලා සිටි ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව් කරන බවයි.

එම ඇති වූ උණුසුම් තත්වය සමග සමාජ ජාල වබේ අඩවි තුලින් මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති කළා.

කෙසේ වෙතත් JVP Srilanka ෆෙස්බුක් පිටුව මේ සම්බන්ධයන් සටහනක් දක්වමින් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් සිරස පාලනාධිකාරිය සිය කණගාටුව බිමල් රත්නායක මන්ත්‍රී තුමා වෙත දන්වා ඇති බවයි.

එම සටහන සහ එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න.









www.reader.lk