කොළඹ රාත්‍රී සමාජ ශාලා සහ කැරෝකි ක්ලබ් වල වෙන හොර වැඩ ගැන ඉරාජ් චිත්‍රපටයක් හදලා

කොළඹ රාත්‍රී සමාජ ශාලා සහ කැරෝකි ක්ලබ් වල වෙන හොර වැඩ ගැන ඉරාජ් චිත්‍රපටයක් හදලා


පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ගීතමය වීඩියෝ රැසක් නිර්මාණය කළ Iraj production ආයතනය නවතම නිර්මාණයක් එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.



ඔවුන් නිෂ්පාදනය කළ වස්සානේ හීනේ ගීතය පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම සමාජය තුල දැඩි කතාබහක් ඇති වුණා.

කෙසේ වෙතත් නවතම නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි ගීතයක් ද සහිත කෙටි චිත්‍රපටයක් වනවා.

කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලයින් සහභාගී වන සමාජ ශාලා වල රහසිගත සිදු වන සත්‍ය සිදුවීම් ගෙන මෙම නිර්මාණය කර ඇති අතර එම සමාජ ශාලාවක සේවය කරන තරුණියක් වටා ගෙතුණු කතාවක් මෙහි ඇතුලත් වනවා.

එම සමාජ ශාලා තුල තරුණිය දුෂණය වන අයුරු සහ ශ්‍රී ලංකාවේ දැනට සිදු වන විකෘති ලිංගික ආසාවන් පෙලෙන ප්‍රධාන පෙලේ පුද්ගලයින්ගේ සිදු වීම් ද මෙයට එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රාසය, බිතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම youtube චිත්‍රපටය ඉදිරි දින කිහිපයේ අන්තර්ජාලයට එක් කිරීමට Iraj production ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම චිත්‍රපටයේ අධක්‍ෂණයද සිදු කර ඇත්තේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් අධක්‍ෂණය කළ Iraj production ආයතනයේ අධක්‍ෂක ප්‍රියංග රණසිංහයි.

www.youtube.com/irajproductions













www.reader.lk