සජීවී වැඩසටහනේදී කේන්ති ගිය රහල්ට එරෙහිව ස්වර්ණවාහිනිය පියවරක් ගනී ?

සජීවී වැඩසටහනේදී කේන්ති ගිය රහල්ට එරෙහිව ස්වර්ණවාහිනිය පියවරක් ගනී ?

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක් මේවන විට ගංවතුර තත්වය සහ නායයෑම් තත්වය හේතුවෙන් ජනතාව විශාල පිරිසක් පිඩාවට සහ ජිවිතක්ෂයට පත්ව ඇති අවස්ථාවක සජීවී වැඩසටහනකදී නොසන්සුන් අයුරින් හැසිරුණු ගායකයෙකු ලෙස හැදින්වෙන රහල් අල්විස් නමැති වැඩසටහන මෙහය වන නිවේදකයා පවසා සිටියේ මොන දේ සිදු වුනත් වැඩසටහන පවත්වාගෙන යා යුතු බවත් මාධ්‍ය ආයතනය පවත්වාගෙන යා යුතු බවයි.


එමෙන්ම තමන්ව තරහා නොගස්සන ලෙසටත් අදාල ඇමතුම වෙත අදාළ වැඩසටහන් නිවේදකවරයා පවසා සිටිනවා.

මෙම සිදු වීමට මුල් වුයේ රටම එලෙස කණගාටුවන අවස්ථාව විනෝදය සදහා වූ වැඩසටහනක් ස්වර්ණවාහිනිය විකාශය කර තිබීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ලබා ගන්නා කාන්තාවක් කල විමසිමකදියි.

ඇය විමසා සිටියේ රටම මෙලෙස දුක්වන අවස්ථාව මාධ්‍ය ආයතනයක් වශයෙන් මෙලෙස වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙස්ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දුන් නිවේදක වරයා සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි අප්‍රසාදය දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ එම අවස්ථාවේ පිඩාවට පත්වූවන්ට සේවය කර තමන් සිටියදී එලෙස හැසිරුණු බවයි.

කෙසේ වෙතත් ඊට පිළිතරු ලබා දෙමින් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් ඊටද දැඩි ව්රෝධය පල කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප ස්වර්ණවාහිනි නාලිකාවෙන් කල විමසීමකදී කියා සිටියේ මේ සම්බන්දයෙන් පියවරක් ගැනීමට ඔවුන් කටුයුතු කරන බවයි.




වැඩසටහනේදී ඔහු හැසිරුණු අයුරු පහතින්...



ඒ සම්බන්ධයෙන් ඔහු දැක වූ අදහස් පහතින්...




මේ සම්බන්ධයෙන් මිට පෙර අප පලකල ලිපිය පහතින්.

www.reader.lk