ප්‍රබල සයිබර් ප්‍රහාරයක් රටවල් රැසක් අඩාල කරයි - අවධානමෙන් සිටින්න

ප්‍රබල සයිබර් ප්‍රහාරයක් රටවල් රැසක් අඩාල කරයි - අවධානමෙන් සිටින්න

අන්තර්ජාල පද්ධති බිඳ දමන ප්‍රබල සයිබර් ප්‍රහාරයක් රටවල් රැසකට තර්ජනයක් වී ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයකට මෙම තත්වයට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.

එම රටවල පරිගණය පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම තත්වය හේතුවෙන් ලොව පුරා සංවිධාන ගණනාවක් බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

සයිබර් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ඇමෙරිකානු ඩොලර් 300 ක කප්පම් ඉල්ලා සිටින බවත් සදහන්.

මේ තත්වය හේතුවෙන් පාසල් සහ සෞඛ්‍ය සේවා අඩාල වී තිබෙනවා. පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මේ තත්වය හේතුවෙන් අවධානමෙන් සිටින ලෙසයි.

www.reader.lk