සමන්තබද්‍ර හිමිගේ රැස් නිසා ඉරාජ් ගේ හිත වෙනස් වෙයි ?

සමන්තබද්‍ර හිමිගේ රැස් නිසා ඉරාජ් ගේ හිත වෙනස් වෙයි ?

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන වස්සානේ හීනෙ ගීතය පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති කළ ගීතයක් වුණා.


ඒ එම වීඩියෝ පටයේ ඇතුලත් විවිධ දර්ශන කිහිපයක් සමගයි. එහිදී විශේෂයෙන් සමන්තබද්‍ර හිමිගේ රැස් වළල්ලක් යොදාගැනීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් එම වීඩියෝව මේ වන විට විශාල පිරිසක් නරඹා ඇති අතර එමගින් ලැබුණු මුදල් මගින් ඉරාජ් වෙනස්ම අකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ දුප්පත් පාසලකට දරුවන් වෙනුවෙන් තමන්ට ලැබුණු මුදලින් කොටසක් වෙන් කරමින් පොත් පත් සහ සපත්තු ලබා දීමේ වැඩසටහනක්.

මේ සදහා සමන්තබද්‍ර හිමියන්ද සහභාගී වී තිබෙනවා. මේ අතර වෙසක් පෝය දිනය වෙනුවෙන්ද ඉරාජ් පැල දන්සලක් සංවිධානය කර තිබුණා.






www.reader.lk