නාමල්, ඉරාජ්, කවුරු නොගිය පැත්තකට කෑම අරන් ගහින්

නාමල්, ඉරාජ්, කවුරුත් නොගිය පැත්තකට කෑම අරන් ගහින්
මේවන විට දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් 164ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


එමෙන්ම මෙමගින් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක් දහස් 542ක් වනවා.

පීඩාවට පත්ව සිටින පිරිස් වෙත විවිධ පුද්ගලයින් තම දායකත්යව ලබා දී තිබෙනවා. එහිදී දේශපාලන පක්ෂ වල පිරිස් ද මේ සදහා දායක වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඉරාජ් වීරරත්න විසින් මාතර ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සදහා අහාර ජලය ලබා දී තිබෙනවා.

ඔවුන් පැවසුවේ එම ප්‍රදේශ සදහා කිසිදු පුද්ගලයෙකුගේ අවධානය යොමු වී නොතිබුණු බවයි.

ආරක්ෂිත ස්ථාන 336ක පුද්ගලයින් හැත්තෑපන් දහස් දෙසිය තිස්හය දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.



























www.reader.lk