අනාවැකි කියන බාස්කර් කාන්තාවන්ගේ පියයුරු අල්ලා ලංකාවට එයි ?

අනාවැකි කියන බාස්කර් කාන්තාවන්ගේ පියයුරු අල්ලා ලංකාවට එයි ?

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම කියා ගන්නා බාස්කර් මුන්නියාපා ලිංගික අපරාධ රැසකට සම්බන්ධ බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඔහු “කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණයට“ හැකියාව පවතින බවට සමාජය තුල මතයක් ඇති කර තිබෙනවා.


එම හේතුවෙන් ඔහු වෙත විශාල පිරිසක් ගැටළු නිරාකරණය කර ගැනීම සදහා පැමිණෙනවා.

එලෙස තම ගැටළු විසදා ගැනීමට සදහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු හට ලිංගික හිරිහැර කිරීම හේතුවෙන් මොහු කැනඩාවේ දී බන්ධනාගාර ගත කර ඇති බවට සදහන්.

එම කාන්තාවන්ගේ පියයුරු ස්පර්ශ කර මොවුන්ට ලිංගික හිංසනයන් සිදුකිරීමට තැත්කළ බවත් එම කාන්තාවන් දෙදෙනා පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම නීතිමය කටයුතු සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් බාස්කර්ගේ බිරිඳ මෙරට ජීවත් වන බවයි අනාවරණය වී ඇත්තේ.

තමා කැනඩාවෙන් පිටුහවල් කරනු ලබන බවත් අනාගතයේ දී ලංකාවට පැමිණිමට හැකි වන බවත් ඔහුට පෙන්වා දී තිබෙනවා.

ඔහු එලෙස සදහන් කර ඇත්තේ තමන්ට අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ හැකි බව පවසමින්.


www.reader.lk