අද කා‍ලේ ගායකයෙක් වෙන්න බැරි ගොළුවන්ට විතරයි - වික්ටර් රත්නායක

අද කා‍ලේ ගායකයෙක් වෙන්න බැරි ගොළුවන්ට විතරයි - වික්ටර් රත්නායක 

ජ්‍යෙෂ්ඨතම සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරන ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුවත් පතකට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසි අවුරුදු 53ක් සම්පූර්ණ වන බවයි.

එමෙන්ම නව පරපුර සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ අලුත් පරපුර සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ඔවුන්ගෙන් බිහිවන ගීත අතරින් බහුතරය ගීත නොවන බවයි.


ඔබේ පරපුරේ බොහෝ සංගීතඥයන් ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවාක්මෙන් නව පරපුරටත් දීප්තිමත් අනාගතයක් තිබෙනවා කියලා කියන්න පුළුවන්ද?

අලුත් පරපුර ගැන කතාකරද්දී නම් හරිම කනගාටුයි. මොකද අද බිහිවන ගීත අතරින් බහුතරය ගීත නොවෙයි වාත විදිහටයි හඳුන්වන්න පුලුවන්. පරිගණකවලින් සකස් කරන කෘත්‍රිම සංගීතය තමයි ඔවුන් ගීත සඳහා යොදාගන්නේ. ඒ වගේම තමයි ඉතාම කලාතුරකිනුයි අලුත් ගීතයකින් අරුත්බර පද රචනාවක් අසන්නට ලැබෙන්නේ. ඇත්තම කීවොත් අද තිබෙන තත්ත්වයට අනුව ගීත එළිදක්වන්න බැරි ගොළුවන්ට විතරයි. ගීතයක කොටසින් කොටස පටිගත කරලා ඕනෑම කෙනෙකුට ගීතයක් මුදා හරින්න පුළුවන්. නමුත් ඒ කා‍ලේ අපි විශාල වාදක කණ්ඩායමක් ඉදිරිපිට සජීවීව ගායනා කරලයි ගීත පටිගත කළේ. ඇත්තටම, හොඳ ගීත සහ ගායකයන් බිහිවුණු සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය යළි කවදා උදාවේදැයි කියන්න බැහැ.

www.reader.lk