දෙරණ dream star සුපිරි තරුවක් වූ එම්.ජී. ධනුෂ්ක එම්.එස්. ප්රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබුණා.
කෙසේ වෙතත් ඔහුගේ ගීත අවසරයකින් තොරව ගායන කිරීම සම්බන්ධයෙන් එම්.එස්. ප්රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
එහිදී එම්.ජී. ධනුෂ්ක ප්රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බවත් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමේ ප්රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී පැවැත් වුණා.