විවාහ වෙන්න අවශ්‍යම නැහැ - අවශ්‍ය වුනොත් විවාහ වෙන්වා - ඉරාජ්

විවාහ වෙන්න අවශ්‍යම නැහැ - අවශ්‍ය වුනොත් විවාහ වෙන්වා - ඉරාජ්

විවාහ වීම අවශ්‍යම දෙයක් නොවන බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පවසනවා. ඔහු මේ බව සදහන් අකර සිටියේ පුවත් වෙබ් අඩවියක් සමග කළ කතාබහකට එක් වෙමින්.

විවාහය ජිවිතයට අවශ්‍යම දෙයක් නොවන බවත් අවශ්‍ය වුවහොත් තමන් විවාහ වන බවත් ඔහු පවසනවා.

එමෙන්ම ඉරාජ්ගේ සංගීත හැකියාව පිලිබද ද මෙම කතා බහ තුල විමසා තිබෙනවා.


සංගීතය ඉගෙන ගත්ත ද?
සංගීතය කියනදේට අනිවාර්යයෙන් දැනුමක් තියෙන්න ඕනෑ. නමුත් සමහර වෙලාවට හිපොප් කියන දේවල් එහෙම ඉගෙනගන්න තැනක් නෑ.

ඒවා ඇඟ ඇතුළෙන්ම එන දෙයක්. නමුත් මම ඉස්සෙල්ලම ශ්‍යමා පෙරේරා යටතේ ඔහුගෙ ඇකඩමියෙන් ඕගන් සහ කී බෝර්ඩ් ඉගෙන ගත්තා. මම අවුරුදු 2ක් ලංකාවෙ ඕගන් සහ කී බෝර්ඩ් වාදනයෙන් අංක එක බවට පත් වුණා.

දැන් විවාහ වෙන්න සුදුසු කාලය නේද?
විවාහ වෙනවා කියන එක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඒක අපිට අපේ ඔළුවට ප්‍රෝගෑම් කරලා තියෙන්නෙ. අපි ජීවිතේ ඉපදුණු දවසෙ ඉඳලා ඉගෙනගන්න ඕනෑ, විවාහ වෙන්න ඕනෑ, ළමයි හදන්න ඕනෑ, ළමයිට ඔක්කොම හම්බකරලා දීලා අපි මැරිලා යනවා කියන එක. ඒත් අපි වෙනස් විදියට හිතන්න ඕනෑ. අපිට ඒක ෙඅවශ්‍යම දෙයක් නෙමෙයි. අවශ්‍ය වුණොත් විවාහ වෙනවා. නමුත් ඒක ජීවිතෙ අවශ්‍යම දෙයක් නෙමෙයි සාර්ථකත්වයට.

www.reader.lk