මම කැමැතියි ලංකාවේ එක පිරිමියෙක්ට ගැහැණු දෙන්නෙක් බඳින්න ලැබෙනවා නම් - සනෝජා බිබිලේ

මම කැමැතියි ලංකාවේ එක පිරිමියෙක්ට ගැහැණු දෙන්නෙක් බඳින්න ලැබෙනවා නම් - සනෝජා බිබිලේ


" ඇස් දෙකට දැකලා තියනවා සමහර අලුත් නිළියෝ තැන නොතැන නොබලා එතැන ඉන්න නළුවන්ගේ ඔඩොක්කුවල වාඩිවෙනවා. අනවශ්‍ය තැන් අල්ලනවා."


ශ්‍රී ලංකාවේ එක පිරිමි අයෙකුට ගැහැණුන් දෙදෙනකු විවාහ කර ගැනීමට ලැබෙනවනම් තමන් සතුටු වන බව ජනප්‍රිය රංගන ශිල්පිණි සනෝජා බිබිලේ පවසනවා.

ඇය මේ බව පවසා ඇත්තේ පුවත් පතක් සමග කළ කතාබහකට එක් වෙමින්.

ඒ ලංකාවේ පවතින විවාහය සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත් යන්නට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා.

මේ අතර නවක නිලියන් සම්බන්ධයෙන්ද කළ විමසීමකදී ඇය සදහන් කර ඇත්තේ නවක නිලියන් ප්‍රසිද්ධ ස්ථාන වල අනවශ්‍ය ලෙස හැසිරෙන බවයි.


රංගන ක්‍ෂේත්‍රයේ අය එක්ක වැඩ කරන්න අමාරුද ඒ කියන්නේ?
කැපිලි කෙටිලි වගේ දේවල් නම් එදත් තිබුණා. අදටත් ඒවා තියෙනවා. ගොඩක්ම පිරිමි අයගෙන් නෙවෙයි අපේම ක්‍ෂේත්‍රයේ වැඩකරන ගැහැනු උදවියගෙන් සමහර ප්‍රොෆෙෂනල් නොවන අය හැසිරෙන විදිහ දැක්කම මට පුදුම අප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා.

ඉතින් ඇයි නිළියෝ ඔය තරම් අන්ප්‍රොෆෙෂනල්?

මම මේ දිනවල එක්තරා නාළිකාවක රියැලිටි තරගයකට සහභාගි වෙනවා. අලුත ආපු මේ නිළියෝ කියාගන්න අය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට කතා කරන විදිය, එයාලගේ ඇද කුද හොයලා එයාලව හෙළා දකින හැටි මම ඇස්දෙකෙන් දකිනවා. හරිම අන්ප්‍රෝෆෙෂනල්. දැන් ඉන්න අය හිතන්නේ එයාලා ආච්චි අම්මලා කියලා. සියල්ල දත් වගේ හැසිරෙන්නේ. ඔහොම යන අයගේ පැවැත්ම ඉතාම කෙටි කාලීනයි.

ඒ කියන්නේ අලුත් නිළියෝ වැඩිපුර තැන දෙන්නේ ප්‍රවීණත්වයට, දක්ෂකමට නෙවෙයි මුදලට කියන එකද?

මම හිතන්නේ එයාලා හිතනවා අන්ප්‍රොෆෙෂනල් වෙනවා කියන්නේ සෝෂල් මීඩියා කියලයි. එයාලට ඕන එක්කෙනෙක් කොණ්ඩෙ පාට කළොත් අනෙක් අයත් ඒක කරන්න. එක්කෙනෙක් සුදු වුණොත් අනෙක් අයත් හමගහලා හරි සුදුවෙන්න බලනවා. තව කෙනෙක් සල්ලිකාරයෙක් බැන්‍ෙදාත් හැමෝම සල්ලිකායෝ හොයනවා. සැබෑ ජීවිතයයි රංගන ජීවිතයයි දෙකම එකයි එයාලට. වෘත්තීය දක්ෂතා දියුණු කරගන්න එයාලට කිසිම අවශ්‍යතාවක් නැහැ. මුදල් පස්සේ දුවනවා විතරයි. කලාවට ආදරේ නැහැ.


ඔහොම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද සනෝජා බිබිලේ අලුත් නිළියත් එක්ක ඉරිසියාවට මෙහෙම කියන්නෙ කියලා?

අපෝ කිසිම කුහකකමක් ඉරිසියාවක් නැහැ. අපි මෙතැනට ආවේ අපේ දක්ෂතාව නිසා. ඒ වගේම අදටත් අපි මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ දක්ෂතාව නිසා. තමන්ට හැකියාව දක්ෂකම තියෙනවා නම් මම මොකටද තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ. මම කිව්වේ මම අද දකින දේ.

අලුත් නිළියො ගැන ඔය කියන දේවල් ඇහැට දැකලා තියෙනවාද?
අපෝ ඔව් මොකද නැත්තේ. මම මේ කියන්නේ මම සැබැවින්ම වගේ ඇස් දෙකට දැක්ක දේවල්. සමහර අලුත් නිළියෝ තැන නොතැන නොබලා එතැන ඉන්න නළුවන්ගේ ඔඩොක්කුවල වාඩිවෙනවා. අනවශ්‍ය තැන් අල්ලනවා. මම මේවා ඇස් දෙකෙන් දැකපුවා. බය නැතිව කියන්නේ. මේ හැමදේම පරිහාණියක් විදියටයි මම දකින්නේ.

මුදලට අලෙවි වෙන නිළියෝ ඉන්නවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්තටම එහෙම අය ඉන්නවාද?

අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙම අය එක්ක එකට වැඩකරලත් තියෙනවා. ආශ්‍රය කරලාත් තියෙනවා. එහෙම ඇසුරු කරන්න වුණාට අපිටත් ඒ නම් පටබැඳුණු අවස්ථා තියෙනවා. මට ඒ අයට කියන්න පුළුවන් ඕවා කරන්න එපා කියලා. නමුත් මට එයාලව ජීවත් කරවන්න කන්න බොන්න දෙන්න බැහැනේ. අපි ඕවා කියන්න ගියොත් එයාලා හිතයි මම කියන්නේ ඊර්ෂ්‍යාවට කියලා.

ලංකාවේ පවතින විවාහය සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත් සනෝජා අක්කා මොනාද වෙනස් කරන්නේ?

එක පිරිමියෙක්ට ගැහැනු දෙන්නෙක් විවාහ කරගන්න පුළුවන් විදියට නීතිය වෙනස් කරනවා.

ඇයි පිරිමින්ට විතරක්. ගැහැනියෙක්ට පිරිමි දෙන්නෙක් බඳින්න අවස්ථාව දෙන්නේ නැද්ද?

ගැහැනුන්ට ඕන නැහැ. සමහර විට මට කැමැති පිරිමියා විවාහකයි නම් ඔහුට මාව ගන්නබෑ ඔහු විවාහක නිසා. ඒ නිසා මම කැමැතියි ලංකාවේ එක පිරිමියෙක්ට ගැහැනු දෙන්නෙක් බඳින්න ලැබෙනවා නම්.

www.reader.lk