Soulja Boy - Hate That I Love U Ft. Markia

ඉරාජ් යළි අන්තර්ජාලයෙන් ජාත්‍යන්තරය හොල්ලයි 

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිර්මාණ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙන්ම සමාජයේ ද විශාල වශයෙන් කතාබහකට ලක් වනවා.

ඒ ඔහු විවිධ වර්ගයේ නිර්මාණ විටින් විට ඉදිරිපත් කිරීම හේතුවෙන්. සමාජයේ පවතින පොදු ගැටළු වැඩි වශයෙන් තම නිර්මාණ සදහා යොදා ගනු ලබනවා.


මනුසතා වැනි ඉතා උසස් නිර්මාණය ඒ අතර වනවා.

ඉරජ් විසින් නිෂ්පාදනය කල නවතම නිර්මාණය මේ වන විට අන්තර්ජාලයට එක් කර ඇති අතර මේ වන විට ජනප්‍රිය වෙමින් පවතිනවා.

එම ගීතය Soulja Boy වැනි සුප්‍රසිද්ධ රැප් ගායකයින්ගේ දායකත්වය ලබාගෙන නිර්මාණය කර ඇති අතර ඔහු ලොව ජනප්‍රිය Billboard ගීත දර්ශකයේ පළමු ස්ථානයට පැමිණි ගායකයෙක් වනවා.

ගීතය සියලු රූගත කිරීම් ශ්‍රී ලංකාව තුල රූගත කිරීම් සිදු කර තිබීම මෙහි විශේෂත්වයක් වනවා.

www.reader.lk