රුසියානු ජාතික කාන්තාවකට ගල්කිස්ස මුහුදුතීරයේදී අතවර කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන්ගෙන් එක් අයෙතු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ශරීර ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් දෙදෙනා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අය බව අනාවරණය වී තිබෙනවා.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රුසියානු ජාතික කාන්තාව පොලිසීයට කරන ලද පැමිණිල්ලකට අනුවයි.