No threat Saturn turns

සෙනසුරු මාරුවෙන් යහපාලනයට බලපෑමක් නෑ - අජිත් කුමාර

2017 ජනවාරි මස 26 වනදා ග්‍රහ මාරුවක් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහකට ලක් වුණා.

ඒ විවිධ පුද්ගලයින්ට තම ග්‍රහ පිහිටීම අනුව ඉදිරියේදී සිදුවන බලපෑම් හේතුවෙන්.


26 වනදා සිදු වූ එම ග්‍රහ මාරුවෙන් එ.ඡා.ප ප්‍රමුඛ යහ පාලන රඡයට කිසිදු බල පෑමක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම වත්මන් සබරගමුව පළාත් සභා මන්ත්‍රි අඡිත් කුමාර මැද්දෙගම මහතා පවසා පවසනවා.

එමෙන්ම කොතරම් ග්‍රහයො සිටියත් තමන් රත්නපුර දිස්ත්‍රිකය සංවර්ධනය කරන බව ඔහු වැඩි දුරටත් පවසනවා.


" සබරගමු පළාත් සභාව තුල 10% කොමිෂන් මුදලට වැඩ කරන යහ පාලනේ ඉන්න ඒත් ඒකබද්ධ විපක්ෂෙ සමග හොරෙන් ගණුදෙණු කරන ඇමතිලා නම් ටිකක් බය වෙලා ඉන්නේ.....ග්‍රහ මාරුවෙන් හොරුන්ට සුභ නැහැනේ...

ඒරාශ්ඨක නෙවේ මොකක් තිබුනත් ගරු අගමැති තුමාග් උපදෙස් අනුව රත්නපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න මම කැපවෙනවා.


විශේෂයෙන් සබරගමු පළාත් සභාව මගින් පාලනය කරන ආයතන වල ඉන්න සමහර මහින්ද හිතවාදී නිළධාරීන්ගේ රාඡකාරිය පිලිබදව දැඩි ඉවසීමෙන් බලා ඉන්නවා..තාමත් ඔවුන් දේශපාලනේ බලලා වැඩ කරන්නේ. අපේ ගම් වල යු.එන්.පී.කාරයෝ කියලා ඉන්න අයට කිසි වැඩක් කරලා දෙන්නේ නැ..ඉතින් ඒ අයට කියන්න ඕනි ග්‍රහයො නීච කරගන්න එපා කියලා.. "

www.reader.lk