Motion threw - President

සමලිංගික සබඳතා ගැන යෝජනාව විසි කළේ මමයි - ජනපති කියයි 

කැබිනට් මණ්ඩලය හමුවට ආ සමලිංගික සබඳතා සම්බන්ධ යෝජනාව ඉවත කර දැමුවේ තමන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බවසදහන් කරේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසනවා.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම බීබීසී ලෝක සේවයට පවසා තිබෙනවා.

www.reader.lk