Mobile Phones coming from the prison

බන්ධනාගාර සිර මැදිරි තුලින් ජංගම දුරකථන මතුවෙයි

මිගමුව බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ (11) හදිසි වැටලීමක් කර තිබෙනවා. එම මෙහෙයුම සිදු කර ඇත්තේ බන්ධනාගාර බුද්ධි අංශය විසින්.

වැටලීම සිදු කල අවස්ථාවේ මෝරු වාට්ටුවේ තිබී ජංගම දුරකථන 6 ක් සහ සිම් කාර්ඩ් පත් 8 ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ගංජා ග්‍රෑම් 15-20 ක් ද පමණ සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම සිර මැදිරිය විශේෂ සිර මැදිරියක් බව බන්ධනාගාර මාධ්‍ය අංශය අප වෙත සදහන් කළා.

www.reader.lk