සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
සයිබර් ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් වෙබ් අඩවියේ මුල් පිටුවෙහි එම්.සි.ඒ හෙවත් “මුස්ලිම් සයිබර් ආමි“ යනුවෙන් දැක්වෙන ලාංඡනයක් පළ කර තිබෙනවා.
මෙම සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කලේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදු කෙරෙනවා.