ශ්රී ලංකාවේ ජනප්රියම ගුවන්විදුලි වැඩසටහනක් වූ ඩීජේ අරා සහ පැස්බරා වැඩසටහනේ ඩීජේ අරා හිරු ආයතනයෙන් පසුගියදා ඉවත් වුණා.
ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් රට තුල ඇති වුණා. රේඩියෝ ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වෙනස ලෙස එය දැක්වුණා.
කෙසේ වෙතත් ඔහු ලක්ෂ 30 ක වැටුපකට සියත ආයතනයට පැමිණි බවට කතාබහක් ඇති වූ අතර මේ වන විට හිරු නාලිකාවේ පැස්බරාද සියතට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඇය ද ඉහල වැටුපකට උදැසන වැඩසටහන සදහා සහභාගී වන බවයි වාර්තා වන්නේ.
හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහන පහතින් අහන්න.