Chat with DJ Ara

මේ ආයතනය පැකේජ්වලට සින්දු ගහන්නෙ නෑ - DJ අරා සියල්ල හෙළි කරයි

" මම උයනෙ භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි "
හිරු එෆ් එම් නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වන ඩීජේ අරා සහ පැස්බරා වැඩසටහනේ ඩීජේ අරා හිරු ආයතනයෙන් ඉවත් වී ඇති බවට පසුගිය කාලයේ පුවත් වාර්තා වුණා.

ඩීජේ අරා හෙවත් අරවින්ද ලොකුගේ හිරු නාලිකාවෙන් ඉවත්ව සියත එෆ් එම්හි සේවය කරන බවයි වාර්තා වන්නේ.

ඔහු ලක්ෂ 30 ක වැටුපක් වෙනුවෙන් සියත එෆ් එම් සමග සම්බන්ධ වුනු බවට වාර්තා පළ වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුවත් වෙබ් අඩවියක් සමග කළ කතාබහකට එක් වෙමින් අරවින්ද පවසා ඇත්තේ මෙම තීරණය ගෙන ඇත්තේ ඉලක්කම් මත නොවන බවයි.

මෙම කතාබහදී මාධ්‍යවේදියා පැකේජ්වලට සින්දු ප්‍රචාරය සම්බන්ධයෙන් විමසා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ මෙම ආයතනයේ එවැනි සිද්ධීන් සිදු නොවන බවයි.

එමෙන්ම එයට ඉහළ කළමනාකාරීත්වය විරුද්ධ බවත් ඔහු පවසා තිබෙනවා.



මේකෙත් පැකේජ් සිස්ටම් එකක් යනවද?
පැහැදිලිවම මේ ආයතනය පැකේජ්වලට සින්දු ගහන්නෙ නෑ. එයට ඉහළ කළමනාකාරීත්වය එකහෙළා විරුද්ධයි. මාත් විරුද්ධයි.

එහෙනම් ඔබ කළින් කළේ?
මම උයනෙ භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි.

www.reader.lk