balloons hinder Google

හරින්ගේ ගූගල් බැලුන් වලට බාධාවක්

2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉල්ලීමක් සිදු කල බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීයි.

එයට යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන පෙබරවාරී මාසයේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතයි ඔහු මාධ්‍ය හමුවේ සදහන් කළා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බවද ඔහු පවසනවා.

මෙම සමුළු සඳහා ලෝකයේ රටවල් 55ක රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් 300ක් පමණ සහභාගි වූ අතර ශ්‍රී ලංකාට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ද එම රාජ්‍ය නායකයන් සමඟ අගමැතිවරයා ඇතුළු පිරිසට සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

එමෙන්ම ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය ඊට වාරණයක් පැනවූ බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොමැති බව හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා.

එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති අතර නීතිපතිගේ ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමට කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩි දුටරත් සදහන් කළා.

www.reader.lk