Women benefit from job

ඔසප් වෙන තරුණියන්ට කරන ජොබ් එකෙන් වාසියක් !

ලොව සෑම කාන්තාවන්ටම ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් ඇති වනවා.

මෙම හේතුවෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයට පත් වනවා. මේ හේතුවෙන් කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමිව ඇති බවට වාර්තා වනවා.

බිබිසි ලෝක සේවයේ ලිපියක් මගින් සදහන් කර ඇත්තේ වෘත්තියෙන් උත්සව සංවිධායකවරියකවන චුරාන් ෂෙන් මසකට වරක් මෙම තත්වය හේතුවෙන් නිවාඩු ගන්නා බවයි.

ඒ ඇයට ඇතිවන දරාගත නොහැකි වේදනාව හේතුවෙන්. ඇය වැඩි දුටරත් සදහන් කර ඇත්තේ මෙම තත්වය ඇති වන සෑම කාන්තාවකටම මෙම නිවාඩුව ලැබිය යුතු බවයි.


"මට ඔසප් වේදනාව දරුණු ලෙස දැනෙනවා. කුරුසයකට තබා බඳින ලද උදර පෙදෙසේ ඊතල ඇනුණු කාන්තාවකගේ රූපයක් සෑම මසකම මම, මගේ සමාජ ජාල ගිණුම් තුළ පළ කරනවා. ගොඩක් අය ඒ පින්තූරෙට 'ලයික්' කරනවා. මොකද ඔසප් කාලය තුළ බොහෝ කාන්තාවන්ට විඳීමට සිදුවන වේදනාව පිළිබඳ එම ඡායාරූපය ඉතාමත් පැහැදිලි චිත්‍රයක් ලබා දෙනවා...ඔසප් වීම ආරම්භ වීමට පෙර දින රාත්‍රියේ මගේ උදර ප්‍රදේශයේ මස් පිඬු පෙරළෙනවා. අවදි වූ විට ඔසප් වීමත් සමග දැනෙන වේදනාව දරා ගත නොහැකියි. බඩ කපා ගන්න හිතෙන තරම් වේදනාවක්. වමනේ යන්න වගෙත් දැනෙනවා...විශ්ව විද්‍යාලයෙන් පිටවුණාට පස්සේ මම රැකියාවක් කරන්න පටන් ගත්තා. සෑම මාසෙකෙම වගේ මම වේදනා නාශක පෙති ගත්තා. නමුත් ඒ පෙතිවලට දැඩි තෙහෙට්ටුවක් නිදිමත ගතියක් දැනෙනවා. වේදනාව අඩු කර ගන්න මම උණුවතුර බෝතලයක් ළඟ තබා ගත්තා. වාසනාවකට මම රැකියාව කරන සමාගම කාර්ය මණ්ඩල සේවිකාවන්ට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දෙන්න කටයුතු කළා. ඒ සඳහා වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. ඒ වගේම පඩි කැපෙයි කියලා දුක් වෙන්න අවශ්‍යත් නැහැ. රැකියා කටයුත්තකට කාර්යාලයෙන් පිට යාමට නැතිනම් හෝ වැදගත් කටයුත්තක් නිම කිරීමට නොමැති අවස්ථාවකදී මම සාමාන්‍යයෙන් දවසක් හෝ දවසින් භාගයක් නිවාඩු ගන්නවා. ඒ දවස්වලට මම ගෙදරට වෙලා ඉන්නවා. වේදනා නාශක බෙහෙත් බීලා නිදා ගන්නවා,"

www.reader.lk