Qantas airways Food

පුරුෂ ලිඟුවක් සහිත කෑම වෙලේ ඇත්ත කතාව


Qantas ගුවන් සේවයේ පිළිගැන්වූ කෑම වේලක් පිළිබද අපුරු පුවතක් විදෙස් මාධ්‍යවල සදහන් වනවා.

සිඩ්නි සිට බ්‍රිස්බේන් දක්වා පැමිණි ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන්ගත් කාන්තාවක් සදහා පිළිගැන්වූ කෑම බදුනක පුරුෂ ලිඟුවක් ලෙසින් දැක තිබෙනවා.

ඇය එළවළුවලින් සකසන ලද කෑම වේලක් ඉල්ලා තිබෙන අතර තමන්ට ලැබූ ආහාරය පිළිබද මවිතයට පත් ඇය අදාල නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ පුරුෂ ලිඟුවක් ලෙසින් දිස්වන්නේ එළවළු වලින්ම නිර්මිත ආහාරයක් බවයි.

කෙසේ වෙතත් ඇය මෙම ආහාරය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට පෙර එම අහාරයේ ඡායාරුපයක් ගෙන සමාජ ජාලය වෙත මුදා හැර තිබෙනවා.


පසුව මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වීමත් සමග ගුවන් සේවයේ සූපවේදියා පවසා ඇත්තේ ගුවන් යානයකදී ලැබෙනා ආහාර පිළිබඳ අත්දැකීම වෙනස් කිරීමේ අරමුණින් මෙවැනි නිර්මාණයක් කළ බවයි.

ඇය ගත් ඡායාරුපය පහතින් බලන්න.


www.reader.lk