Mirihana Gym Case

සුරූපී ගුවන් සේවිකාවක් මිරිහාන ජිම් එකේදී අතවර වුනු හැටි

මිරිහාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යායාම් පුහුණු මධ්‍යස්ථානයක දී ගුවන් සේවිකාවක් අතවරයට පත්ව ඇති බවට වාර්තා වනවා.

ව්‍යායාම් පුහුණුව සඳහා ඇය මෙම මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ ඉකුත්ද 23 දායි.

ඇය පුහුණුව ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානයේ තෙවැනි මහල වෙත ගොස් තිබෙනවා.

පසුව සැකකාර උපදේශකවරයා පුහුණුව ලබාදෙන මුවාවෙන් ඇයගේ ශරීරය ස්පර්ශ කර ඇති බවට සදහන් වනවා.

පසුව ඇය එතැනින් ඉවත් වී සිවුවැනි මහල වෙත ගොස් පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී යලි පැමිණි මෙම උපදේශක වරයා ඇයව වැලඳගෙන සිපගෙන ලිංගික හිංසනයක් සිදු කර ඇතැයි වාර්තා වන්නේ.

මෙම උපදේශකවරයා ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර ඇති අතර ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

www.reader.lk