Marijuana cigarette market soon

ගංජා සිගරට් ළඟදීම වෙළඳපොළේ

ලොව ජනප්‍රියම වෙළඳනාමයක් වන නිව්පොට් සිගරට් සමාගම නව දුම්වැටියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනස්ම ආකාරයේ දුම්වැටියක්. ඔවුන් තීරණය කර ඇත්තේ ගංජා දුම්වැටියක් වෙළඳපොළට එක් කිරීමටයි.

ගංජා නීතිගත ප්‍රදේශ තුළ ගංජා විකිණීමේ බලපත්‍රලැබී ඇති වෙළඳසැල් වලින් මෙම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

පළමු පියවර ලෙස කොලරාඩෝ ප්‍රාන්තයේ සහ වොෂින්ටන් රාජ්‍ය තුළ මෙම දුම්වැටි අලෙවි වනු ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම පුවතත් සමග මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් දැඩි ඉල්ලුමක් දැනටමත් පවතින බව එම වාර්තා වල වැඩි දුරටත් දැක්වෙනවා.

www.reader.lk