
ජාඇළ ප්‍රදේශයේ පැවති රාත්‍රී සාදයක ගංජා ළඟ තබාගත් වයස අවුරුදු 25ට අඩු තරුණයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්.
එම රාත්‍රී සාදය සඳහා අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර ඔවුන් අධික මත්ද්‍රවය භාවිතා කරමින් ශබ්ද කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කල විමර්ශනයකදී හෙළි වී ඇත්තේ අන්තර්ජාලය ඇසුරින් මෙම සාදය සංවිධානය කර ඇති බවයි.
අන්තර්ජාලය හරහා සංවිධාන කර ඇති මෙම රාත්‍රී සාදයේ ප්‍රවේශය සඳහා සංවිධානය විසින් රුපියල් 1500ක මුදලක් ද අයකරගෙන තිබෙනවා.