Facebook mafia

බුකිය කළඹන මාෆියාවල සුල මුල හෙලිදරව් කිරීම

Facebook ඇතුලු සමාජ ජාලා සම්මාන උළෙලකට හා එම සම්මාන උළෙල සංවිධානය කල ආයතනයට පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුලින්ම එල්ලකල දැවැන්ත ප්‍රහාරය මෙහෙය වූ චරිත දෙකක් පිළිබද තොරතුරු වාර්ථා වී තිබේ.

ඒ අනුරාධ සැමුවෙල් හා මදුක ප්‍රනාන්දු නමින් හැදින්වෙන මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණයක් දෙදෙනෙකි.


ඔවුන් මෙම සම්මාන උළෙල සම්බන්ධව මුල සිටම තමන්ට හිතවත් facebook හා වෙබ් අඩවි තුලින් දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර ඒ හේතුවෙන් අදාල සම්මාන ලබාදුන් ආයතනය නීත්‍යානුකූල නොවන එකක් බව පවසා රජයේ ලියාපදිංචියෙන් ඉවත් කිරීමටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබුණි.

මොවුන් දෙපල පසුගිය කාළය පුරාවටම ආණ්ඩුවේ විවිධ දේශපාලකයන්ව විවේචනය කරමින් facebook,වෙබ් අඩවි ඇතුලු සමාජ මාධ්‍ය හරහා සූක්ෂමව පහර දෙන අවස්ථා ගණනාවක් පිළිබදවද අප වෙත තොරතුරු වාර්ථා වී තිබේ.

එමෙන්ම ෆෙන්ශුයි ශාස්ත්‍රවේදී ආසිරි වනිගරත්නට පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුලින් එල්ල කල දැවැන්ත ප්‍රහාරය පිටුපසද ,දකුණ පළාතේ භාෂාව විකෘති කරමින් සිදුකල මඩ ගැසීම් පිළිබදවද මොවුන්ගේ සෘජු සම්බන්ධයක් තිබී ඇත.

මදුක ප්‍රනාන්දු යනු කලක් සිරස fm සහ yfm නාලිකාවේ නිවේදකයෙකු වශයෙන් සේවය කල අයකු වන අතර පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් සමග මොහු එක්සත් රාජධානියේ රැකියාවකට ගොස් ඇත.එහි සිට මාධ්‍යවේදියා facebook පිටුව මෙන්ම පුවත්පතක් හරහා ඉකුත් ආණ්ඩුවෙ දේශපාලකයන් දැඩි ලෙස විවේචනය කිරීම


අනුරාධ සැමුවෙල් යන අය කලක් මව්බිම යං පුවත්පතේ සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කර ඇත.ඔහු එවකට මව්බිම පුවත්පතෙහි කතෘ සිට වර්ථමානයෙ අර්ජුන් ඇලෝසියස් මහතා ආරම්භ කිරීමට යන දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියා වන තුශාර ගුණරත්න මහතාගේ සමීපතම ගෝලයකුද වේ.

මේ අතර ඔවුන් දෙදෙනා මෙරට ප්‍රභල දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සමීප හිතවතුන් ලෙසද තොරතුරු දැනගන්නට ඇත.


ඉහත සිදුවීම් හරහා පෙනීයන්නෙ සමාජ ජාල මාෆියාවක් බිහිවෙමින් පවතින බවත් එහි කැපී පෙනෙන දායකත්වයක් මේ දෙදෙනා හරහා සිදුවෙන බවත්ය.

www.reader.lk