Facebook complaints 2100

මේ වසරේ ෆේස්බුක් පැමිණිලි 2100 ක් ලංකාවෙන් - 80 % ක් හොර Profile ගැන

ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විවිධ වංචනික ක්‍රියාවන් සිදු වනවා.

එහිදී විවිධ පුද්ගලයින් ව්‍යාජ ගිණුම් භාවිතය කරමින් යම් යම් වංචනික ක්‍රියාවන් වල නිරත වනවා.

මෙම ව්‍යාජ ගිණුම් සදහා තමන්ගේ ඡායරූප භාවිතා කර ඇත්තනම් පියවරක් ගැනීමට හැකියාවක් පවතින අතර එවැනි ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි 2016 ජනවාරි සිට 2100 ක් පමණ ලැබී ඇති බවට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්තා මහතා පැවසුවා.

අප කල විමසීමකදී ඔහු කියා සිටියේ වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් බවත් ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව ව්‍යාජ ගිණුම් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනවා.

වැඩි විස්තර සදහා - 0112691692

www.reader.lk