Yureni sensitive speaks

ආතල් එකට මේවා කරන්න එපා - යුරේනි සංවේදීව කතා කරයි
ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා කල බවට පැවසෙන ප්‍රක්ෂයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහකට ලක් වෙමින් පවතිනවා.

ඊට පිළිතුරු දෙමින් වීඩියෝ පටයක් යුරේනි තම ෆේස්බුක් ගිණුම මගින් එක් කර තිබෙනවා.

වසර දෙකකට පමණ පෙර තමා පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක් සමාජ ජාල වෙබ් අඩවි විකෘති කර ප්‍රචාරය කරන බවයි ඇය සදහන් කරන්නේ.


තමා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ යුද්ධයක් පවතින කාලයේ හා ඉන්පසුව විවිධ ක්‍රියාකරකම් සිදුවන බවත්,එම ක්‍රියාකරකම් වල නිරත වන්නේ මිනිසුන් බවත්,ඒවා කළේ දෙවිවරු නොවන බවත් ඔවුන් අතින් පොදු වැරදි සිදුවන බවත් රජය විසින් එම වැරදි වලට ක්‍රියාමාර්ග ගත යුතු බව යැයි ඇය පෙන්වා දෙනවා.

එසේත් නොමැතිව හමුදාව ස්ත්‍රී දූෂණ කළායි තමා කිසිවිටක චෝදනා කොට නැති බව ඇය පවසනවා.


ඇය කල සම්පුර්ණ ප්‍රකාශය පහතින් බලන්න.

www.reader.lk