Udayanthi Kulathunge paper articles

කවූද  මාව බඳින්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ - උදයන්ති කුලතුංග


රංගන ශිල්පී උදයන්ති කුලතුංග සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ පුවත් හේතුවෙන් කතාබහකට ලක් වුණා.

ඇයට පසුගිය කාලයේ සිදු වූ ගැටළු සම්බන්ධයෙන් පුවත් පතක් වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ එම තත්වය හේතුවෙන් මානසිකව දරාගැනීමට අපහසු වූ බවයි.


එමෙන්ම විවාහය සම්බන්ධයෙන්ද ඇය අදහස් දක්වා තිබෙනවා.

හිතෙන්නේ නැද්ද කසාදයක්‌ බැඳලා තැන්පත් උනොත් හොඳයි කියලා?
කවුද මාව බඳින්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ ඉතිං…

ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?
ප්‍රශ්න ආපු වෙලාවට ගොඩක්‌ අඬන්න ඇති. ඒත් දැන් මගේ හිත ඒකට පුරුදුවෙලා. ස්‌වභාවධර්මය මට ඒ වෙලාවේ දුන්නෙ අපලයක්‌ වෙන්න ඇති. ඒකට මං මොනවා කරන්නද. මං ඒවා දිහා ඔහේ බලාගෙන ඉන්නවා. මං හුඟක්‌ කෙට්‌ටු වෙලා, මානසිකව උනත් ඉතිං දරාගන්න අමාරු උනා. දැන් ඉතිං එහෙම නැතුව ඉන්නවා.
මං හෙට මැරෙයිද කියලවත් දන්නේ නැහැ. මං ජීවිතේ කිසිම වරදක්‌ නොකර, බොරු චෝදනාවලට අසු කළා. අනේ මන්දා ඉතින්.. ජීවිතේ…. මං අහිංසක ගෑනු ළමයෙක්‌ කියලා තමයි ඉතිං මට කියන්න තියෙන්නේ. මට පුළුවන් විදිහට පාඩුවේ ජීවත් වෙනවා. ජනප්‍රියත්වය මේ ලැබිලා තියෙන රූපය එක්‌ක එන දේවල් වෙන්න ඇති ඉතිං. සාමාන්‍ය ගෑනු ළමයෙක්‌ උනා නං මේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ නේද කියලත් මං වෙලාවකට කලපනා කරනවා.

www.reader.lk