Seeds for future - huawei

හරීන් ළමයි 10 ක් චීනයේ යැව්වේ මෙහෙමයි

තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සදහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ හුවාවෙයි සමග එක්ව "Seeds for future " සමාජ සත්කාර වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සරසවි 8 කින් සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක් ලබා දුන්නා.

එහි සමාරම්බය සනිටුහන් කරමින් උත්සවයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා.

මෙම සිසුන් පසුගිය 06 වන දා චීනය බලා පිටත්ව ගිය අතර මෙම සිසුන් 2016 නොවැම්බර් 19 වනදා දක්වා චීනයේ අධ්‍යන චාරිකාවක නිරත වනවා.

මේ සදහා හුවාවෙයි ආයතනය විසින් පුර්ණ අනුග්‍රහය දක්වනවා.

අති නවින තාක්ෂණය පිළිබද හැදෑරීම සදහා මෙම සිසුන් හුවාවෙයි මුලස්ථානය වෙත යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.

එහිදී LTE තාක්ෂණය,cloud computing ,ආදී තාක්ෂණය පිළිබඳව චීනයේ ෂෙංෂෑන් හි පිහිටි ඉහළ තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගාර තුළදී අත්දැකීම් ලැබීමට අවස්ථාව හිමි වනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නැංවීම සදහා හුවාවෙයි හී මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළකරන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ චීන සංචාරය සදහා තෝරාගෙන ඇති සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂයට අදාලව තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීම ඉතා හොද අවස්ථාවක් මෙමගින් හිමිවී ඇති බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නිර්මාණවල අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීමට මෙවැනි වැඩසටහන් රුකුලක් වන බව වැඩි දුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.







www.reader.lk