Poisoned margarine in Market

පාරිභෝගිකයා ගොනාට අන්දන විස රසායනික මේදතැවරුමක් වෙළදපොළේ ?

මේවනවිටත් වෙළදපොලේ අලෙවි වෙමින් පවතින මේදතැවරුමක ( Fat spared ) විස රසායනිකයක් අඩංගු බැවින් එම නිෂ්පාදනයේ ළදරුවන්ට හා වයස අවරුදු 3 පහළ ළමුන් සදහ සුදුසු නොවන බව සදහන් නොකර අලවි කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බවට වාර්තා වනවා.


එහෙත් අදාල නිෂ්පාදන සමාගම අදාල නි‍යෝගය කඩ කරමින් සිය නිෂ්පාදනය අලවි කරනු ලබන බවයි වාර්තා වන්නේ.

එම නිෂ්පාදය පිළිබදව සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සුදානම්ව සිටිනවා.


තමන් මිලදී ගන්නා අදාල නිෂ්පාදන පිළිබදව සැළකිලිමත් වන ලෙස ඔවුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

www.reader.lk