Maharagama Radio Channel presenters

මහරගමදී රේඩියෝ නිවේදිකාවගේ තට්ටම කැපු සැකකරු අල්ලයි

මහරගම ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකුගේ පසුපස ප්‍රදේශය කපා පැනගිය පුද්ගලයෙකු පිළිබද පුවතක් අප මිට පෙර වාර්තා කළා.

මහරගමදී බසයකට නැගීමට සුදානම්ව බස්නැවතුමක් තුල සිටි සිටි පුද්ගලික රේඩියෝ නාලිකාවක නිවේදිකාවක් එක් තරුණියක් වන අතර ඇයගේ අත්බෑගය අදිනු දැනී පසුපස හැරුණු විට ඇයගේ තට්ටම දැලි පිහියකින් කපා තිබුණා.


එම බස්නැවතුමේ සිටි තවත් සිසුවියකට මෙම සිදුවීමම සිදුව ඇති අතර එම සිසුවියගේද පසුපස කපා සැකකරු පලාගොස් තිබුණා.

කැපුම් තුවාල සිදු වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කළ අතර මෙහිදී එකතරුණියකට මැහුම් 10ක්ද, අනෙක් තරුණියට මැහුම් 7ක්ද දමා තිබුණා.

ඒ අතරින් පුද්ගලික නාලිකාවේ සේවය කරන නිවේදිකාව මේ වනවිට සුව වී සුපුරුදු ලෙස සේවය කරන බවයි අපට වාර්තා වන්නේ.

මේ අතර යලි මහරගම නගරයේ දීම ගැබිනි කාන්තාවකගේ පසුපස ප්‍රදේශය කපා තුවාල සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරු පෙර තරුණියන් දෙදෙනාගේ පසුපස කැපු පුද්ගලයා බව හදුනා ගෙන ඇතයි වාර්තා වනවා.

39 හැවිරිදි මෙම සැකකරු රත්නපුර-කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

www.reader.lk