Just go to a wedding in India - Udaya gammapila

ඉන්දියාවේ මගුල් ගෙදරක යන්න ගම්මන්පිලට අවසර ගනියි

සමාගමක කොටස් විකිණීමේදී රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබුණා.


කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලට මහතාට ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මේ වන විට අවසර ලබා දී තිබෙනවා.

21 වනදා සිට 24 වැනිදා තෙක් ඉන්දියාවේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු එ්.එ්.ආර් හෙයියන්තුඩුව මහතා අවසර ලබා දුන්නා.

එමෙන්ම දෙසැම්බර් මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීමටද මන්තී‍්‍රවරයාට මෙහිදී අවසර හිමි වී තිබෙනවා.

www.reader.lk